Showing posts with label නිර්මානාත්මක. Show all posts
Showing posts with label නිර්මානාත්මක. Show all posts

Tuesday, July 27, 2010

දැක්මක් සමගින් අනාගතය කරා...

කෙලවරක් නැති සසර සයුර මැද
ජීවිතයක් ලැබ මේ මහ පොළවේ
දකිනු රිසියෙන් ලොවක මහිමය
දැක්මක් ගොඩ නැගුයෙමු මෙලෙසින්.....

ගහ කොලට ඇළ දොලට
ආදරය කල වුන්ය අප
සියලු මාන තුල වර්ථමානය
කුමක් කලෙහිද අප සිත් සතන් තුල

එයයි වෙනස නිරතුරුව අප අත් විඳිනා
දිවි ඇති තුරා සෑම සැනෙකම
දකින සිහිනය අනාගතය ගැන
ගොඩනගමු එක්ව දැක්මක් සමගින්...

Monday, July 19, 2010

එන්න ලෝකය දකින්න....


"ඉක්මනින් හෝ පමාවී හෝ
දිනන මිනිසා වන්නේ
තමාට හැකි යයි සිතන මිනිසාය."


මෙය සුප්‍රසිද්ධ කියමනක් වුවද බොහෝ පිරිසක් ඒ ගැන සිතා ඇති සේයක් නොමැති බව සමාජය දෙස බලන ඕනෑම කෙනෙකුට පැහැදිලි කරගත හැකි දෙයකි. ඉතා වේගවත් ගමනක යෙදෙන වර්ථමාන ලෝකය තුල යමක් සාක්ෂාත් කර ගත් පුද්ගලයෙකු වේ නම් ඒ තමා පිළිබඳ විශ්වාස කල පුද්ගලයකුම බව සක් සුදක් සේ පැහැදිලි කරුණකි.
ලෝකය තමා ගැන යම් අදහසක් දරන්නේ තමා, තමා ගැනම දරණ අදහස අනුවය. තමා තමා ගැන අවතක්සේරුවකින් සිටින්නේ නම් ලෝකයද තමා ගැන එවැනි අවතක්සේරුවකින් ම සිටිනු ඇත.
යම් නිශ්චිත අරමුණක් සකසාගත් පුද්ගලයා තමාගේ හැකියාව පිළිබඳ දැඩි විශ්වාසයකින් එම අරමුණ උදෙසාම කටයුතු කරන්නේ නම් එය අනිවාර්යෙන්ම ඉටුවන බව සිදු නොවිය හැකි දෙයක් නොවේ. නමුත් තමාගේ හැකියාව පිළිබඳ දැඩි විශ්වාසයකින් සිටින පුද්ගලයකුගේ අරමුණට යාමට අවශ්‍ය සියලු දේ තමා වෙත ලඟාවන ආකාරය පුදුම සහගතය. එය තම යටි සිත විශ්වාස කල පුද්ගලයාට යටි සිත විසින් ලබා දෙන අනගි ත්‍යාගයක් වැනිය.

අධිශ්ඨානයක
පැතුමක
සවිය නොදුටු ඔබ
එය දැකගන්න,
විශ්වාස කරන්න
ඔබේම සිත
ඔබේ හැකියාව...
එවිට හැකිවෙයි
දැකගන්න හැබෑවටම
ඔබේ හීන ලොව....

ලිව්වේ -තිළිණි අක්කා...